Aug 25, 2020

2021 තෙක් බාලි දොරටු, විදෙස් සංචාරකයින්ට වැසෙයි

ලොවපුරා සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය බාලි දූපත, මේ වසර අවසන් වනතෙක් නැවත විදේශීය සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇත.

ඒ, ඉන්දුනීසියාවෙන් වාර්තාවන නව කොරෝනාවෛරස් රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමගයි.

මීට කලින් බාලි හි බලධාරීන් පවසා තිබුණේ මෙහි දොරටු යළිත් ලබන මාසයේ සිට විදේශීය සංචාරකයින් සඳහා විවෘත වනු ඇති බවයි.

කෙසේවෙතත්, එරටින් වාර්තා වන Covid-19 රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම තීරණය වෙනස් කර තිබේ.

ඊයේ දිනය වනවිට බාලි දූපතෙන් හමුවූ සම්පූර්ණ කොරෝනෙවෛරස් රෝගීන් ගණන 4,576ක් වූ අතර, මරණ 52ක් ද වාර්තා වී තිබුණි.

සමස්ථ ඉන්දුනීසියාවෙන්ම මේ දක්වා කොරෝනෙවෛරස් රෝගීන් 155,000 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම මරණ 6,759කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top