Aug 28, 2020

ජපන් අගමැති ඉල්ලා අස්වෙන්න යයි?

සෞඛ්‍ය හේතූන් මහත සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා නිවේදනය කිරීමට නියමිත බව වාර්තා වේ.


දීර්ඝ කාලයක් පුරාවට බඩවැල් ආශ්‍රිත රෝගයකින් පීඩා විඳි ඔහුගේ තත්ත්වය මෑත කාලයේදී උග්‍ර වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

තමා නිසා සිය රජයට ගැටළු වලට මුහුණ දීමට සිදුවීම වළක්වා ගැනීමට අබේ මහතා හට අවශ්‍ය බව ජපානයේ NHK මාධ්‍ය ආයතනය පවසයි.

ඔහුගේ වත්මන් ධූර කාලය 2012 දී ඇරඹුනු අතර, වැඩිම කාලයක් ජාපන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ලෙස ඔහු පසුගිය වසරේදී ඉතිහාසගත විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top