Aug 30, 2020

ඉන්දියාව කොරෝනාවලින් රෙකෝඩ් තියයි! Featured

අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එම ගණන නව කොරෝනා වයිරසය පැතිර යෑමට පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් වන අතර එය දෛනික ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවකි.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගත් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) නිවේදනය කර ඇත.

මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැන පසුවන්නේ බිලියන1.3කට ආසන්න ජනතාවක් ජීවත් වන අසල්වැසි ඉන්දියාවයි.

එහි මුල්තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.

මීට පෙර දිනක් තුළ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

එරටින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන 77,638ක් ලෙස දැක්විණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top