Sep 01, 2020

හිටපු ඉන්දීය ජනපති මියයයි

හිටපු ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි නවදිල්ලි හමුදා රෝහලේදී අද (01) අභාවප්‍රාප්ත වී තිබේ.

84 වියේ පසුවූ ඔහු, මොළයේ ලේ කැටියක් ඉවත් කිරීමට රෝහල්ගතව සිටි අතර, ඔහුට කොරෝනාවෛරසයද වැළඳී තිබුණු බව ඒ අතරතුරේදී හෙළිදරව් විය.

මේ බව ඔහුගේ පුත් අභිජිත් විසින් ට්විටර් පණිවිඩයක් මගින් නිවේදනය කර තිබුණි.

වසර 51ක දේශපාලන දිවිය අතරතුරදී ඔහු 2012 - 2017 දක්වා කාලයේදී ඉන්දීය ජනාධිපති ලෙස කටයුතු කළේය. ඊට පෙර ඔහු මුදල්, ආරක්ෂක හා විදේශ කටයුතු වැනි අමාත්‍ය ධූරද දැරුවේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top