Sep 02, 2020

කෙමර් රූජ් බන්ධනාගාර ප්‍රධානියා මියයයි

කෲර කෙමර් රූජ් පාලනාධිකාරයේ සිටි ජ්‍යෙෂ්ටතම නිලධාරියෙකු වන Kaing Guek Eav මියගොස් ඇත.

වසර ගණනාවක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මිය යන විට 77 වියේ පසුවිය.

ධුක්හ් සහෝදරයා ලෙස හැඳින්වුණු ඔහු, ෆ්නොම් පෙං හි පිහිටි ටුවෝල්-ස්ලෙං හිල් නැතහොත් S-21 බන්ධනාගාරය හා වධකාගාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 1970 දශකයේදී මෙහිදී දහස් ගණනක් වධ වධහිංසාවට හා ඝාතනයට ලක්විය.

1975 සිට 1979 දක්වා කාම්බෝජය පාලනය කළ මාඕවාදී පාලන තන්ත්‍රයක් වන කෙමර් රූජ් යටතේ මිලියන දෙකක පමණ ජනතාවක් මිය ගොස් ඇතැයි විශ්වාස කෙරේ.

2010 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් යුත් විනිශ්චය සභාවක් විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු වී 2012 දී දඬුවම් නියම වූ පළමු කෙමර් රූජ් ජ්‍යෙෂ්ඨයා මොහුය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top