Sep 07, 2020

ඉන්දියාව, වැඩියෙන්ම Covid-19 බලපෑ රටවල් අතර දෙවැනි තැනට

වැඩිම Covid-19 ආසාදිතයන් වාර්තා රටවල් අතරින් බ්‍රසීලය අභිබවා යමින් ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

මේ වනවිට ලොව වැඩිම ආසාදිතයින් හමු වී ඇත්තේ අමෙරිකාවෙනි. එරටින් මේ වනවිට Covid-19 ආසාදිතයින් 6,460,250ක් හමුවී ඇත.

ඉන්දියාවෙන් ආසාදිතයින් 4,204,613ක් හඳුනා ගෙන තිබෙන අතර, එරටින් වාර්තා වූ මරණ ගණන 71,642කි. මෙය, වැඩියෙන්ම Covid-19 මරණ වාර්තා වූ රටවල් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි.

පසුගිය සත් දිනක කාලය ඇතුළත ඉන්දියාවේ Covid-19 ආසාදිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, දිනකට Covid-19 රෝගීන් 75,000කට වැඩි ගණනක් වාර්තා විය. 

මෙම රෝගීන්ගෙන් 60%ක් වාර්තා වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, කර්නාටක, මහාරාෂ්ට්‍ර හා උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්ත වලිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top