Sep 09, 2020

වාසනාව ගෙනා මාළුවාගේ මරණය ගැන සැම්බියා ජනාධිපතිත් සොවින්

සැම්බියාවේ දෙවැනි විශාලතම විශ්ව විද්‍යාලය වන කොපර්බෙල්ට් විශ්ව විද්‍යාලයේ පොකුණක ජීවත් වූ ජනප්‍රිය මත්ස්‍යයකුගේ මරණය පිළිබඳව එරට ජනාධිපති එඩ්ගර් ලුන්ගු මහතා ද ශෝකය පළකර තිබේ.

මෙම මතස්‍යයා මාෆිෂී ලෙස හැඳින්වුනු අතර, එරට බෙම්බා භාෂාවෙන් එහි තේරුම "ලොකු මාළුවා" යන්නයි. මේ දිනවල සැම්බියාවේ සමාජ මාධ්‍ය අතර #Mafishi යන හෑෂ්ටැගය ද ජනප්‍රිය වී පවතියි.

දශක දෙකක් පුරා මෙම පොකුණේ සිටි 'මාෆිෂී', විභාග වලට පෙනී සිටින ශිෂ්‍යශිෂ්‍යාවන් හට වාසනාව රැගෙන ආ බව එම විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියන් ගේ විශ්වාසයක් පැවතුණි.

මෙම මත්ස්‍යයාගේ මරණය පිළිබඳව පරීක්ෂණ තවමත් සිදුකරන බවත්, එම සත්ත්වයා එම්බාම් කිරීමට සැලසුම් කරමින් සිටින බවත් එම සරසවියේ ශිෂ්‍ය නායක ලෝරන්ස් කසොන්ඩේ සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top