Sep 10, 2020

වසර 50කදී වනජීවී ගහණය 2/3කට වඩා අඩුවෙලා! Featured

ලොව වනජීවී ගහනය වසර 50 කට අඩු කාලයක් තුළ තුනෙන් දෙකකට වඩා පහත වැටී ඇතැයි WWF ආයතනය පවසයි.

මෙම "ව්‍යසනකාරී පරිහානිය" මන්දගාමී වීමේ සලකුනක් නොපෙන්වන බව එම ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මින් පෙර කිසි දිනෙක නොදුටු වේගයකින් සොබාදහම මිනිසුන් විසින් විනාශ කරනු ලබන බවට එය අනතුරු අඟවයි.

"අප සෞඛ්‍යය, ආරක්ෂාව සහ පෘථිවියේ පැවැත්ම අවදානමට ලක් කරමින්ල අප නිවහන යැයි පැවසෙන එකම ස්ථානය වන අපේ ලෝකය අපි විසින්ම විනාශ කරගන්නවා සොබාදහම විසින් අපට SOS පණිවිඩයක් ලබාදී ඇති අතර, අපට ඉතිරිව ඇති කාලය ගතවෙමින් පවතිනවා," යැයි WWF හි ප්‍රධාන විධායක ටාන්යා ස්ටීල් පවසයි.

ලොව පුරා ස්ථාන වල වනජීවී විශේෂ දහස් ගණනක් සම්බන්ධයෙන් සංරක්ෂණ විද්‍යාඥයන් සිදුකළ  නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් වේ.

වසර 1970 සිට ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන්, උරගයින් සහ මත්ස්‍යයන් 20,000 කට වැඩි සතුන් සංඛ්‍යාවක ජීවින් ගහණය 68% කින් අඩුවී ඇතැයි එහි දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top