Sep 10, 2020

Covid-19 එන්නත් ලොවපුරා බෙදන්න ජම්බෝ ජෙට් 8,000ක් ඕනේ ලු!

Covid-19 එන්නතක් ලොව පුරා බෙදාහැරීම යනු මෙතෙක් මුහුණදීමට සිදුවූ "විශාලතම ප්‍රවාහන අභියෝගය” වනු ඇති බව ගුවන් යානා සංගමයක් පවසයි.

මේ සඳහා බෝයිං 747 යානා 8,000 ට සමාන ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පවසයි.

තවමත් Covid-19ක් නිල වශයෙන් නිශ්පාදනය කර නොමැති නමුත්, ගුවන් සමාගම්, ගුවන්තොටුපල, ගෝලීය සෞඛ්‍ය ආයතන සහ ඖෂධ සමාගම් සමඟ ගෝලීය ගුවන් යානා සැලැස්මක් ගොඩනගමින් කිරීමට IATA දැනටමත් කටයුතු කරමින් සිටියි.

කෙසේවෙතත්, මෙම වැඩසටහන මගින් උපකල්පනය කර ඇත්තේ එක් පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ එක් මාත්‍රාවක් පමණක් බවයි.

"Covid-19 එන්නත් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම යනු ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරන ගෝලීය සේවය මුහුණ දෙන ශතවර්ෂයේ මෙහෙවර වනු ඇති නමුත් එය ඉතා කල්පනාකාරීව සැලසුම් කිරීමකින් තොරව සිදු නොවනු ඇති බව IATA හි ප්‍රධාන විධායක නිලධාරියා පවසා තිබේ.

Covid-19 හමුවේ මගී ගුවන් ගමන් ගමන් අඩුවීමත් සමග, භාණ්ඩ ප්‍රවාහනය කිරීම කෙරෙහිව ගුවන් සමාගම් අවධානය යොමු කර තිබුණි.

කෙසේවෙතත්, එන්නත් ප්‍රවාහනය කිරීම යනු සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වඩා සංකීර්ණය. එන්නත් ප්‍රවාහනයට සියළුම ගුවන්යානා සුදුසු නොවන අනර, ඖෂධ ප්‍රවාහනය කිරීමේදී සෙල්සියස් අංශක 02 - 08 අතර උෂ්ණත්වයක් පැවතිය යුතුය.

(බීබීසී පුවත්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top