Sep 11, 2020

ලෙබනනයේ ගින්න ගැන පරීක්ෂණයක් Featured

ලෙබනනයේ බේරූට් වරායේ ගබඩාවක ඊයේ (10) ඇති වූ දැවැන්ත ගින්න පිළිබඳව පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.

පුණ්‍යාධාර ඒජන්සියක් විසින් ආහාර සහ පිසින තෙල් ගබඩා කර තිබූ ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පැය ගණනාවකට පුරාවට හෙලිකොප්ටර් යානා පවා යොදාගෙන ගිනි නිවන භටයන් සහ හමුදා නිලධාරීන් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර,අවසානයේදී ගින්න මැඩපැවැත්වීමට ඔවුන් සමත් විය.

කෙසේවෙතත්, මෙම සිද්ධියෙන් පුද්ගල හානි මේ දක්වා වාර්තා වී නැත.

පසුගිය මාසයේදී බේරූට් වරායේ සිදුවූ පිපිරීම හේතුවෙන් පුද්ගල හා දේපල හානි රැසක් වාර්තා විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top