71 වියේ පසුවන යොෂිහයිඩ් සුගා මහතා පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකයා ලෙස පත්වී ඇත්තේ පක්ෂයේ ඡන්ද 534කින් 377ක්ම ලබාගනිමිනි.
ඔහු එතෙක් ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
මේ අනුව, බෝහෝ විට ඔහු ජපානයේ මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය. කෙසේවෙතත්, සුගා මහතා හිටපු අගමැති අබේ මහතා ගේ සමීපතමයෙකු බැවින් ඔහුගේ ද දේශපාලන ප්‍රතිපත්ති වල වෙනසක් සිදුනොවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ජපානයේ අගමැති ෂින්සෝ අබේ මහතා සෞඛ්‍ය හේතුන් මත සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පසුගිය මාසයේදී නිවේදනය කළේය.