ඒ, තාරකා විද්‍යාඥයින් විසින් ෆොස්ෆීන් නම් වායුවක් සිකුරු ග්‍රහයාගේ වලාකුළු තුළ සොයාගැනීමෙන් අනතුරුවයි.
එක් පොස්පරස් පරමාණුවකින් සහ හයිඩ්රජන් පරමාණු තුනකින් සෑදී ඇති අණුවක් වන ෆොස්ෆීන් පෘථිවියේ දී ජීවය හා සම්බන්ධ වන්නකි. පෙන්ගුවින් වැනි සතුන්ගේ බඩවැල්වල හෝ වගුරුබිම් වැනි ඔක්සිජන් දුර්වල පරිසරවල පොස්ෆීන් හමුවේ.
එය, කාර්මිකව ද නිෂ්පාදනය කළ හැකි නමුත්, සිකුරු ග්‍රහයා මතුපිට කර්මාන්තශාලා හෝ පෙන්ගුවින් පක්ෂීන් නොමැත.
එසේනම්, සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර 50 ක් ඉහළින් මෙම වායුව පවතින්නේ ඇයි දැයි විද්‍යාඥයන් ප්‍රශ්ණ කර සිටියි.
බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේන් ග්‍රීව්ස් සහ සගයන් මේ පිළිබඳය නේචර් ඇසිට්රොනමි ජර්නලයේ හේ පිළිබඳව ලිපියක් පළ කර තිබේ.