ඊසානදිග රුසියාවේ ලියාකොව්ස්කි දූපත් වලින් මෙම වලසා හමු වී තිබේ.
දත් හා නාසය මෙන්ම අභ්‍යන්තර අවයවද ඉතා හොඳ තත්ත්වයේ පවතින මෙම වලසා මීට වසර 22,000 සිට 39,500 කට පෙර ජීවත් වූ දුඹුරු වලසුන් විශේෂයක් යැයි සැලකේ.
මෙම සිරුර, ඓතිහාසික ෆොසිල් අධ්‍යයනය සඳහා ප්‍රසිද්ධ යකුට්ස්ක් නගරයේ ඊසානදිග ෆෙඩරල් විශ්වවිද්‍යාලයේදී වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට නියමිතය.
මීට පෙර හමුවී ඇත්තේ හිස්කබල් හා ඇටකටු පමණි.
මෙම වලසා ගේ වයස අනාවරණය කරගැනීමට වැඩිදුර විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිතය.
(බීබීසී පුවත්)