වසංගතයට ප්‍රතිචාර දක්වමින් රට තුළ දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කෙරුණු අතර, වහාම ක්‍රියාත්මක වූ ලොක්ඩවුන් තත්ත්වය හා දේශසීමා වැසීම් හේතුවෙන් අප්‍රේල් - ජුනි කාලය අතර එරට දළ දේශීය නිෂ්පාදිතය 12.2% කින් අඩුවී තිබේ.
මේ, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු නවසීලන්තය මුහුණදෙන පළමු ආර්ථික අවපාතය වන අතර, 1987 වසරෙන් පසුව එරට ඇති වූ උග්‍රම ආර්ථික අවපාතයයි.
කෙසේවෙතත්, වසංගත ප්‍රතිචාරය සමග ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වීමට හැකිවනු ඇතැයි නවසීලන්ත බලධාරීන් බලාපොරොත්තු වෙයි.
මේ වන විට මිලියන 5කට ආසන්න ජනගහනයක් සිටින නවසීලන්තයෙන් වාර්තා වන්නේ Covid-19 රෝගීන් අතලොස්සක් වන අතර, මේ දක්වා එරට සිදුවී ඇත්තේ Covid-19 මරණ 25ක් පමණි.
ලබන මාසයේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ආර්ථිකයට වැදගත් තැනක් හිමිවනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.