Sep 18, 2020

ලොවපුරා Covid-19 ආසාදිත පිරිස කෝටි 3 පන්නයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,019,763ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (18දා) අලුයම වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 943,515ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 20,416,665කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]om දුරකථන - +94 114 546 362

Top