Sep 19, 2020

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ විනිසුරුවරිය මියයයි

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකට ක්‍රියකාරිනියක වූ  එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රූත් බේඩර් ගින්ස්බර්ග් වයස අවුරුදු 87 දී පිළිකාවක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

අග්න්‍යාශයේ පිළිකාවක් හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවූ ඇය වොෂිංටන් ඩී.සී. හි පිහිටි ඇගේ නිවසේදී අවසන් සුසුම් හෙළා තිබේ.

ඇය එක්සත් ජනපදයේ ලිබරල්වාදීන් අතර ප්‍රමුඛ ස්ත්‍රීවාදියෙකි.

වසර 27 ක්  එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ ඇය එහි වැඩිම කාලක් සේවය කළ විනිසුරු මෙන්ම  එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වූ දෙවන විනිසුරුවරියද වේ.

මූලාශ්‍රය -බීබීසී

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top