Sep 21, 2020

වසර 2500ක් පැරණි සර්කෝෆගස් පෙට්ටි ඊජිප්තුවෙන් මතුවෙයි

පෞරාණික ඊජිප්තුවේ මළවුන් වළදමන සර්කෝෆගස් නම් මිනීපෙට්ටි 27ක් කයිරෝ අගනුවරට දකුණින් පිහිටි සක්කාරා ප්‍රදේශයෙන් සොයාගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම මිනීපෙට්ටි වසර 2,500කට වඩා පැරණි බවත්, සැප්තැම්බර් මුලදී පෙට්ටි 13ක් හමුවී තිබුණු බවත්, මේ වන විට තවත් 14ක් සොයාගත් බවත් ඊජිප්තු නිලධාරීන් පවසයි.

වර්ණවත් ලෙස පින්තාරු කර ඇති, ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති ලී සර්කෝෆගස් ඊජිප්තු බලධාරීන් විසින් නිකුත් වල ඡායාරූප වල දැක්වේ.

සක්කාරා යනු වසර 3,000 කට වැඩි කාලයක් ක්‍රියාකාරී සුසාන භූමියක් වූ අතර එය යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කර ඇති ස්ථානයක් ද වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top