තල්මසුන් 270 ක් පමණ සිටි මෙම රංචුව ඊයේ දිනයේදී මෙලෙස වෙරළ කරා පැමිණ ඇති අතර, මෙම සතුන් 25ක් පමණ යළි මුහුදට රැගෙන ගොස් බේරීමට ස්වේච්ඡා සේවකයන් හට හැකි වී තිබේ.
මෙම රංචුව නියමු තල්මසුන් (pilot whales) වේ.
මෙලෙස තල්මසුන් වෙරළට පැමිණීම beaching ලෙස හැඳින්වෙන අතර, එම කලාපයේ මෙවැනි සිද්ධීන් විරල නොවේ.
කෙසේවෙතත්, මෙතරම් විශාල ප්රමාණයෙන් එවැන් සිද්ධියක් වාර්කාවන්නේ දශකයකට වැඩි කාලයකට පසුව බව විදෙස් වාර්තා සඳහන් කරයි.
විශාල වශයෙන් තල්මසුන් පැමිණීමක් තස්මේනියා වෙරළෙන් අවසන් වරට වාර්තා වූයේ 2009දීය. එහිදී තල්මසුන් 200ක් පමණ වෙරළාසන්න ප්රදේශයෙන් හමුවිය.