Cyanobacteria ලෙස හැඳින්වෙන මෙම බැක්ටීරියාව ස්වභාවිකව ගලානොයන ජලයේ ඇතිවිය හැකි අතර, ඇතැම් විට විශාල වශයෙන් පැතිරී යන මෙය blue-green algae ලෙස හැඳින්වේ.
අප්රිකානු මහද්වීපයේ අඩුවන අලි ගහණයෙන් තුනෙන් එකක් වාසය කරන්නේ බොට්ස්වානා වලයි.
මේ වසරේ මැයි සිට ජුනි දක්වා කාලය තුළ රටේ ඔකවාන්ගෝ ඩෙල්ටාව පුරාවට අලි ඇතුන් ගේ මළසිරුරු දක්නට ලැබුණි. මොවුන් මියගොස් තිබුණේ දඩයක්කරුවන් ගේ ඉලක්ක බවට පත්වීමෙන් නොවන බව බලධාරීන් සඳහන් කර තිබුණි.
මේ වනවිට අලි ඇතුන් 330 ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සබැඳි පුවත්