Sep 25, 2020

පාවිච්චි කළ කොන්ඩම් 320,000ක් විකුණලා!

නීති විරෝධී ලෙස අලෙවි කරමින් තිබූ, භාවිතා කළ උපත්පාලන කොපු 320,000කට වැඩි ප්‍රමාණයක් දකුණුදිග වියට්නාමයෙන් සොයාගත් බව එරට පොලිසිය සඳහන් කරයි.

වියට්නාමයේ Binh Duong නම් පළාතේ ගබඩාවක තිබියදී මෙලෙස හමුවූ උපත්පාලන කොපු තොගයේ බර කිලෝ 360ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම උපත්පාලන කොපු සෝදා පිරිසිදුකර, නැවත ප්‍රකෘති හැඩයට සකස් කර, යළි ඇසුරුම් කිරීමෙන් අනතුරුව නීතිවිරෝධී ලෙස වෙළෙඳපොළ ට නිකුත් කර ඇත. සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙම ගබඩාවේ අයිතිකරු යැයි සැකකෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

වියට්නාම් රජයේ රූපවාහිනිය වන VTV නාලිකාව වාර්තා කරන පරිදි මෙම කොන්ඩම් කිලෝවක් සඳහා තමාට ඇමෙරිකානු ඩොලර් 0.17ක ගෙවීමක් ලැබුණු බව මෙම කාන්තාව පවසා ඇත.

මෙවැනි උපත්පාලන කොපු කොපමණ ප්‍රමාණයක් මේ වන විට විකුණා ඇත්දැයි අපැහැදිලි බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top