Sep 30, 2020

අඩු ආදායම් රටවලට ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 120ක්

අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට Covid-19 ක් ක්ෂණික පරීක්ෂණ කට්ටල (Rapid Testing kits) මිලියන  120 ක් ලබාදීමට තමා හා පාර්ශව කිහිපයක් එකඟතාවයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අඩු හා මධ්‍යම ආදායම් ලබන හා ධනවත් රටවල් අතර ඇති පරීක්ෂණ පරතරය අවම කිරීමට මෙම පියවර ගන්නා බව එම සංවිධානය සඳහන් කරයි.

කෙසේවෙතත්, මේ සඳහා සම්පූර්ණ අරමුදල් තවමත් සපයා නොමැත.

මෙය Covid-19 ට එරෙහිව සිදුකරන ගෝලීය සටන සඳහා සුභ ආරංචියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ඇමෙරිකානු ඩොලර් 5ක මිලක් ඇති මෙම පරීක්ෂණ කට්ටලයක් මගින් විනාඩි 15-30ක් අතර කාලයකදී පරීක්ෂණ ප්‍රථිපල ලබාදිය හැකි වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top