මේ බව ට්රම්ප් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත.
සිය අතිශය සමීප සහායිකාවක වන හෝප් හික්ස් හට Covid-19 ආසාදනය වීමත් සමග තම දෙපළ නිරෝධනය වීමට ආරම්භ කළ බව ට්රම්ප් මීට කළින් පවසා තිබුණි.
--------------------------
ට්රම්ප්, මෙලානියා නිරෝධායනයේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අතිශය සමීප සහායිකාවක වන හෝප් හික්ස් හට Covid-19 ආසාදනය වූ බවට ඇතැයි සනාථ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ට්විටර් පණිවිඩයක් මගින් මේ බව නිවේදනය කළ ට්රම්ප් පවසා ඇත්තේ තමා හා තම බිරිඳ වන මෙලානියා මේ වනවිට නිරෝධායනය වී සිටින බවයි.
හික්ස් පසුගිය කාලය පුරාවටම ට්රම්ප් ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා ක්ලීව්ලන්ඩ් හි පැවති ජනාධිපතිවරණ විවාදයට ට්රම්ප් සමග ඔහුගේ නිල ගුවන් යානයේ ගමන් කළාය.
මුහුණු ආවරණයක් නොමැතිව ඇය එම යානයෙන් ක්ලීව්ලන්ඩ් හි දී ගොඩබසින අයුරු දක්නට ලැබුණි. ඉන්පසුව පසුගිය බදාදා දින ට්රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්රචාරක රැලියකට යමින් සිටියදී, ඔහු සමග මැරයින් වන් හෙලිකොප්ටරයේද ඇය ගමන්ගත්තාය.