Oct 05, 2020

හෙපටයිටිස් සී'' වෛරසය සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක්

'හෙපටයිටිස් සී' වෛරසය  සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා වන 2020 නොබෙල් ත්‍යාගය හිමි වී තිබේ.

මේ අනුව, මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිකරගෙව ඇත්තේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වන මයිකල් හෝටන් හා ඇමෙරිකානු පර්යේෂකයන් දෙදෙනෙකු වන හාවි ඇල්ටර් හා චාල්ස් රයිස් හටයි.

ඔවුන් ගේ සොයාගැනීම් හේතුවෙන් ජීවිත මිලියන ගණනාවක් රැකගැනීමට හැකිවනු ඇති බව නොබෙල් කමිටුව සඳහන් කරයි. ඉතිහාසයේ පළමු වරට 'හෙපටයිටිස් සී' වෛරසය මෙලොවින් තුරන් කිරීමේ බලාපොරොත්තුව නංවා ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.

'හෙපටයිටිස් සී' වෛරසය යනු අක්මා පිළිකා සඳහා ප්‍රධාන හේතුවක් වන අතර, බොහෝ රෝගීන් හට අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය වන හේතුවකි.

වසරකට ලොවපුරා මිලියන 70කට පමණ 'හෙපටයිටිස් සී' වෛරසය ආසාදනය වන අතර, ඉන් 400,000ක් පමණ ජීවිතක්ෂයට පත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top