Oct 06, 2020

උපත් නැංවීමට සිංගප්පූරුවෙන් 'පැන්ඩෙමික් බෝනස්' එකක්

කොරෝනාවෛරස් වසංගතය අතරතුර උපත් අනුපාතය වැඩිකරගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීමට සිංගප්පූරුව විසින් ගෙවීමක් සිදුකිරීමට සූදානම් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මූල්‍ය ගැටළු හා රැකියා අහමිවීම් හමුවේ සිංගප්පූරු වැසියන් විසින් දරුවන් ලැබීම කල්දැමීම හමුවේ මෙම පියවර ගෙන ඇති බව පැවසේ.

මෙලෙස ලබාදෙන දීමනාව කෙතරම් දැයි තවමත් වාර්තා නොවන අතර, එරට රජය විසින් මේ වන විටත් ළදරු දීමනා කිහිපයක්ම ලබාදෙයි.

සිංගප්පූරුව යනු ලොව අඩුම උපත් අනුපාතයක් පවතින රටකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top