Oct 10, 2020

WFP නොබෙල් සාම ත්‍යාගය දිනා ගනී Featured

සාගින්න මැඩපැවැත්වීම සඳහා දරන උත්සාහය සහ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සාමය ඇති කිරීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මේ වසරේ සාම නොබෙල් ත්‍යාගය දිනා ගෙන තිබේ.

රෝමයේ මූලස්ථානය පිහිටා ඇති මෙම එක්සත් ජාතීන්ගේ ඒජන්සිය යුද්ධයේ හා ගැටුම්වල ආයුධයක් ලෙස සාගින්න භාවිතා කිරීම වැළැක්වීමට සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි.

සෑම වසරකම රටවල් 88 ක පමණ වෙසෙන මිලියන 100 කට වැඩි පිරිසකට එය උපකාර කරන බවත්, ලොව පුරා පුද්ගලයින් නව දෙනෙකුගෙන් එක් අයෙකුට තවමත් ප්‍රමාණවත් ආහාර නොමැති බවත් ලෝක ආහාර වැඩසටහන පවසයි.

නෝර්වේ ඔස්ලෝ නුවරදී සිකුරාදා පැවති උත්සවයකදී නෝර්වීජියානු නොබෙල් කමිටුව මෙම ජයග්‍රහනය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සම්මානය සඳහා අපේක්ෂකයින් 318 ක්, පුද්ගලයින් 211 ක් සහ සංවිධාන 107 ක් නම් කර තිබුණි.

මෙම සම්මානය දිනාගැනීමත් සමඟ හිමිවන අතිවිශාල කීර්තියට සමගාමීව  පවුම් 848,000 ක මුදල් ත්‍යාගයක් සහ රන් පදක්කමක්ද ලෝක ආහාර වැඩසටනට හිමි වේ.

නොබෙල් ත්‍යාග නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සංවත්සරය යෙදෙන දෙසැම්බර් 10 වන දින නෝර්වීජියානු අගනුවර පැවැත්වෙන උත්සවයකදී  මෙම සම්මානය පුද කිරීමට නියමිත වේ.

(ස්කයි නිවුස්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top