Oct 12, 2020

කොවිඩ් වෛරසයේ ජීවන කාලය ගැන නව හෙළිදරව්වක් Featured

Covid-19 සඳහා වගකිව යුතු කොරෝනාවෛරසයට මුදල් නෝට්ටු, දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨ මත දින 28 ක් පුරාවට සක්‍රීයව පැවතිය හැකි බව පර්යේෂකයෝ පවසති.

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය විසින් හෙළිදරව් කර ඇති මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ SARS-Cov-2 වෛරසයට පෙර සිතූ තරමට වඩා දිගු කාලයක් පැවතිය හැකි බවයි.

පාරජම්බුල කිරණ මගින් මෙම වෛරසය මරාදමන බවට මේ වන විටත් සොයාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ අඳුරේ බව වාර්තා වේ.

කෙසේවෙතත්, පෘෂ්ඨ මතුපිටින් වෛරසය සම්ප්‍රේෂණය වීමේ සැබෑ අවදානම පිළිබඳ ඇතැම් විශේෂඥ්‍යන් සැක පහළ කර ඇත.

කෙසේ වෙතත්, අත්හදා බැලීම අඳුරේ සිදු කරන ලදී. පාරජම්බුල කිරණ දැනටමත් වෛරසය විනාශ කරන බව පෙන්වා දී ඇත.

මෙම වෛසරය බොහෝ දුරටත් සම්ප්‍රේෂණය වන්නේ කැස්ස, කිවිසුම් යාම හෝ කතාබහ කරන විටදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top