මෙහි ප්‍රධානතම හේතුව ලෙස සැලකෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමයි.
ක්වීන්ස්ලන්ඩ් හි ARC Centre of Excellence for Coral Reef Studies නම් මධ්‍යස්ථානයේ සාගර විද්‍යාඥයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනයේ සොයාගැනීම් මේ වන විට Proceedings of the Royal Society B නම් ජර්නලයේ පළ කර තිබේ.
වසර 1995 - 2017 දක්වා කාලය තුළ මහා බාධක පරය තුළ ඇති කොරල් පද්ධති වල විශාලත්වය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විද්‍යාඥයන් මේ යටතේ අධ්‍යයනය කර තිබුණි.
ලොව විශාලතම කොරල් පද්ධතිය ලෙස සැලකෙන්නේ මහා බාධක පරයයි. මෙහි සියලුම වර්ග වල කොරල් වල අඩුවීමක් සිදුව ඇතැයි විද්‍යාඥයන් පවසයි.
මෙම කොරල් විශාල වශයෙන් විනාශ වී ඇත්තේ 2016 සහ 2017 දී සිදුවූ 'කොරල් විරංජනයන්' (bleaching) හේතුවෙනි. මෙම වසරේදී එවැනි සිද්ධීන් වාර්තා විය.