Oct 16, 2020

නවසීලන්ත - ඕස්‍ට්‍රේලියා ට්‍රැවල් බබල් එක ඇරෙයි

Covid-19 වසංගතය සමග සංචාරක සීමාවන් පැණවීමෙන් අනතුරුව ආසියා - පැසිෆික් කලාපයේ පළමුවරට මෙම සීමාවන් ලිහිල් කිරීමට නවසීලන්තය හා ඕස්‍ට්‍රේලියාව පියවර ගෙන තිබේ.

'ට්‍රැවල් බබල්' සංකල්පය හෙවත් ආරක්ෂිත සංචාරක පහසුකම් යටතේ දෙරට අතර මෙම සීමාවන් ලිහිල් කර ඇත.

මේ යටතේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ගමන් කළ පළමු මගීන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගොඩබැස තිබේ.

කෙසේවෙතත් මෙම 'ට්‍රැවල් බබල්' සංකල්පය ඒකපාර්ශවීය වන අතර, මෙම මගීන් සිඩ්නි නුවරදී නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය නොවුනත්, ඔවුන් යළිත් නවසීලන්තයට ගමන් කළ පසුව ඔවුන්ගේ වියදමෙන් හෝටලයක නිරෝධායනය විය යුතු වේ. ඕස්ට්‍රේලියානු ජාතිකයන් හට මේ දක්වා නවසීලන්තය දක්වා ගමන් කළ නොහැක.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top