Oct 18, 2020

 නවසීලන්ත අගමැතිනියට විශිෂ්ට මහමැතිවරණ ජයක්

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් එරට මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

බොහෝ ඡන්ද ගණන් කිරීමත් සමඟ ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සියයට 49.1ක ඡන්ද ප්‍රතිශතයක් හා ආසන 64ක් ලබාගෙන පාර්ලිමේන්තු බහුතරයක් දිනාගෙන ඇත.

විපක්ෂයේ මධ්‍යම ධක්ෂිනාංශික ජාතික පක්ෂයට හිමිවූයේ සියයට 26.8ක ඡන්ද ප්‍රතිශතයක් හා ආසන 35ක් පමණි.

මෙම මහමැතිවරණයට අමතරව ජනමත විචාරණ දෙකකටද ඡන්දය ප්‍රකාශය කරන මෙන් නවසීලන්ත වැසියන් ගෙන් ඉල්ලා තිබුණි. ඒ, කංසා නීතිගත කිරීමට හා අනායාස මරණය හෙවත් යූතනේසියාව (euthanasia) සම්බන්ධයෙනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top