Oct 19, 2020

ස්කූල්බස් එකෙන් කොරෝනා ලෙඩ්ඩු ගෙනියන නීලම් (වීඩියෝ) Featured

ඉන්දියාවේ Covid-19 වසංගතය පැතිර යාමට පෙර නීලම් සිං යනු මුම්බායි නගරයේ පාසල් බස් රථ පදවන්නියෙකි.

වසර 18ක් පුරාවට ඇය සිදුකළ මෙම මෙහෙවර Covid-19 වසංගතය සමග වෙනස් වූයේ, වැඩිවන ආසාදිතයන් හමුවේ ඉන්දියාව ලොක්ඩවුන් වීමත් පාසැල් වැසී යාමත් හේතුවෙනි.

තත්ත්වය වඩාත් දරුණු වීමත් සමග ගිලන්රථ හිඟයක් ද ඇති වූ අතර, මෙම කර්තව්‍යයට පාසැල් බස්රථ යොදවාගැනීමට බලධාරීන් තීරණය කර තිබුණි.

ඒ අනුව, සිය කහ පැහැති පාසැල් බස් රථයෙන් ඇය මේ වන විට Covid-19 ආසාදිතයන් රෝහල් වලට ගෙන යයි.

මෙම මෙහෙවර සිදුකිරීමේදී ඇයට මෙන්ම ඇගේ සැමියාට හා මවට ද Covid-19 ආසාදනය වුවත්, සුව වූ වහාම නීලම් යළිත් සිය රැකියාවට පිවිසියේ කිසිඳු චකිතයකින් තොරවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top