Oct 21, 2020

ට්‍රම්ප්ට චීනයේ බැංකු ගිණුමක් - නිව් යෝක් ටයිම්ස්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව චීනයේ බැංකු ගිණුමක් පවතින බවත්, වසර ගණනාවක් පුරාවට එරට තුළ ව්‍යාපාරික ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කළ බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම ගිණුම 'ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හොටෙල්ස්' කළමනාකරිත්වය විසින් පාලනය කරනු ලබන්නක් වන  අතර එමගින් 2013 - 2015 අතර කාලය තුළ දේශීය බදු ගෙවා ඇති බව එහි දැක්වේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශකයෙකු පවසන පරිදි “ආසියාවේ හෝටල් ගනුදෙනු සඳහා ඇති හැකියාව ගවේෂණය කිරීමට” එය අරඹා ඇත.

කෙසේවෙතත්, පසුගිය කාලය පුරාවටම ඇමෙරිකාව, චීනයේ ව්‍යාපාර කටයුතු කිරීම පිළිබඳව ට්‍රම්ප් විසින් විවේචනයට ලක් කළ අතර, මේ හේතුවෙන් දෙරට අතර වෙළඳ යුද්ධයක් දක්වා තත්වය වර්ධනය විය.

ට්‍රම්ප් ජනපතිවරයාගේ පෞද්ගලික හා ව්‍යාපාර වල මූල්‍ය තොරතුරු ඇතුළත් බදු වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව නිව් යෝක් ටයිම්ස් පුවත්පත මේ වාර්තාව පළ කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top