ඇමෙරිකානු ඩොලර් 243,000කට වෙන්දේසි වී ඇති මෙම දුරකථනයේ හිට්ලර් ගේ නමද කොටා ඇති අතර, එය සොයාගෙන තිබුණේ බර්ලිනයේ තිබූ ඔහුගේ බංකරය තුළිනි.
ජර්මනිය යටත් වීමෙන් අනතුරුව මෙම දුරකථනය සිහිවටනයක් ලෙස සෝවියට් සොල්දාදුවන් විසින් ඉංග්රීසි යුද නිලධාරියෙකු වූ ශ්රීමත් රැල්ෆ් රේනර් වෙත ලබාදී තිබේ.
මේ අතර, හිට්ලර් ට අයත්ව තිබූ ඇල්සේෂන් සුනඛයෙකුගේ පෝසිලේන් රුවක් ද ඇමෙරිකානු ඩොලර් 24,300කට වෙන්දේසි වී ඇත.