Oct 23, 2020

ෆුකුෂිමා ජලය මිනිස් DNA වලට හානිකර විය හැකියි - ග්‍රීන්පීස්

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් එකතු වන අපවිත්‍ර ජලයෙහි අඩංගු විකිරණශීලී ද්‍රව්‍යයක් මගින්  මිනිස් DNA වලට හානි සිදුවිය හැකි බව වාර්තාවක් නිකුත් කරමින් ග්‍රීන්පීස් (Greenpeace) පරිසර සංවිධානය පවසයි.

මෙම වාර්තාව පළ වන්නේ මෙම ජලය සාගරයට මුදාහැරීමට ජපන් රජය සැරසෙන බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුවයි.

මෙහි අවදානම ඉතා අඩු බව බොහෝ විද්‍යාඥයන් පවසා තිබුණද, සමහර පරිසරවේදීන් එම අදහසට විරුද්ධත්වය පළ කර තිබේ.

මේ වාර්තාව සම්බන්ධයෙන් ජපන් රජය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

වසර 2011දී ඇති වූ සුනාමියේ බලපෑමට ලක්වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය සිසිල් කිරීම සඳහා භාවිතා කළ ජලය ටොන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයකට කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව ජපානය වසර ගණනාවක් තිස්සේ විවාද කර තිබේ.

දිනපතා බලාගාරයට කාන්දු වන භූගත ජලය හා වැසි ජලය ද ඇතුළත් මෙම අපවිත්‍ර ජලය ගබඩා කිරීමට 2022 වන විට මෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවෙනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top