නිසැක වශයෙන්ම සඳ මත ජලය හමුවේ! time.com
Oct 27, 2020

නිසැක වශයෙන්ම සඳ මත ජලය හමුවේ! Featured

සඳ මත නිසැක වශයෙන්ම ජලය පවතින බව ඇමෙරිකාවේ NASA ඒජන්සිය තහවුරු කරයි.

මේ අයුරින් අණුක ජලය හමුවීමත් සමග සඳෙහි ඇති ස්වභාවික සම්පත් යොදාගනිමින් සඳ මත කඳවුරක් පිහිටුවීම සම්බන්ධයෙන් NASA ඒජන්සියේ බලාපොරොත්තු ඉහළ නැංවී ඇත.

මේ සොයාගැනීම සම්බන්ධයෙන් නේචර් ඇස්ට්‍රොනොමි නම් ජර්ලනයේ ලිපි 2ක් පළ කර තිබේ.

සදහටම අඳුරේ පවතින චන්ද්‍ර ආවාට තුළින් ජලය හමුවී තිබුණද, ආලෝකය පවතින චන්ද්‍ර මතුපිටවල් වලින් අණුක ජලය හමුවී ඇත්තේ පළමු වරටයි.

චන්ද්‍ර පාංශු කියුබික් මීටරයක අවුන්ස 12ක පමණ ජලය ඇතිබව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top