Nov 01, 2020

එංගලන්තය යළිත් ලොක්ඩවුන් කරයි

ඉදිරි දින කිහිපය තුළ එංගලන්තය පුරාවට දෙවැනිවරටත් ලොක්ඩවුන් කිරීමක් සිදුවන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නිවේදනය කරයි.


ඒ අනුව, මේ වසරේ නත්තල වෙනස් වන නමුත්, වර්තමානයේ දී පියවර ගැනීමෙන් අනාගතයේදී පවුල් වලට එක්ව නත්තල සැමරිය හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියි.

ලබන සතිය මුලදී පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසුව බ්‍රහස්පතින්දා සිට මාසයක් පුරා වසා දැමීමට නියමිතය.

මේ අනුව කොණ්ඩා සැකසුම් සහ ජිම් ඇතුළු බාර්, අවන්හල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙනු ඇති නමුත්, පාසල් හා විශ්ව විද්‍යාල විවෘතව පවතිනු ඇත.

දෙසැම්බර් 02දා මෙම නීති ලිහිල් කිරීමට අපේක්ෂා කෙරේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top