Nov 04, 2020

ට්‍රම්ප් - බයිඩන් තියුණු තරගයක Featured

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඡන්ද විමසීම ඉතාමත් උණුසුම් අයුරෙන් පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ප්‍රාන්ත ගණනාවක කරට කර සටන් කරන බව පැවසේ.

මෙවර ජනපතිවරණයේදී ඉතා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වූ අතර, ඇමෙරිකානු ජාතිකයන් මිලියන 100කට වැඩි පිරිසක් අද පැවැත්වෙන මැතිවරණ දිනට පෙර සිය ඡන්දය භාවිතා කර තිබුණි.

මේ වන විට ට්‍රම්ප් හා බයිඩන් හට ඡන්ද විද්‍යාල නියෝජිතයන් පිළිවෙළින් 213ක් හා 220ක් වශයෙන් හිමිවී තිබේ. ඒ, ප්‍රාන්ත 39ක ඡන්ද ප්‍රතිපල සමගිනි. මැතිවරණය ජයගැනීමට එක් අපේක්ෂකයෙකු හට ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270ක් අවශ්‍ය වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top