Nov 07, 2020

ජෝ බයිඩන් ඇමරිකානු ජනපතිවරණය ජයගනියි! Featured

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මහතා ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බීබීසී, සීන්එන් ඇතුළු ප්‍රධාන විදෙස් මාධ්‍ය මේබව අනාවරණය කර ඇත.

මැතිවරණ පාසල් 273ක් දිනාගනිමින් බයිඩන් මහතා රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පරාජය කර තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ බයිඩන් මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමඟ බවයි.

Joe B Screenshot 2020 11 07

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top