Nov 13, 2020

චීනය බයිඩන්ට සුබපතයි Featured

ඇමරිකානු ජනතාවගේ තෝරාගැනීමට ගරු කරන බව පවසමින් චීනය අද (13) දිනයේදී ජෝ බයිඩන් සහ කමලා හැරිස් හට සුබ පතා ඇත.

චීනයේ පවතින දෛනික මාධ්‍ය හමුවක් අහතමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වාං වන්බින් මහතා පවසා තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙස් විදෙස් ප්‍රතිචාර පිළිබඳව චීනය දිගටම අවධානය යොමු කරමින් සිටි බවයි.

ඇමෙරිකාවේ නීති ක්‍රියා පටිපාටි අනුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය වනු ඇතැයි තේරුම් ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, මීට සිවුවසරකට පෙර ජනාධිපතිවරණය ජයගත් අවස්ථාවේදී මුලින්ම සුබ පැතුම් එක්කළ රාජ්‍ය නායකයන් අතර රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සිටියද, මේ දක්වා රුසියාව බයිඩන් හට සිය සුබපැතුම් පිරිනමා නැත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මහතා පවසා ඇත්තේ නිල මැතිවරණ ප්‍රතිඵලය නිකුත්කරන තෙක් බලා සිටීම කළ යුතු නිවැරදි දෙය බවට ඔවුන් විශ්වාස කරන බවයි.

මේ අතර, පැවති ජනාධිපතිවරණයේ ඡන්ද දූෂණ පැවති බවට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කර සිටියද, ඔහු එය සනාථ කිරීමට පැහැදිලි සාක්ෂි ලබාදී නැත.

මෙම චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ඊයේ දිනයේදී ෆෙඩරල් සහ ප්‍රාන්ත මැතිවරණ නිලධාරීන් පිරිසක් පවසා තිබුණේ පැවති මැතිවරණය එරට ඉතිහාසයේ පැවති වඩාත්ම සුරක්‍ෂිත” මැතිවරණය බවයි.

(බීබීසී හා ෂින්හුවා පුවත් ඒජන්සි ඇසුරෙනි)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top