Nov 15, 2020

රුමේනියාවේ රෝහල් ගින්කින් කොරෝනා රෝගීන් දස දෙනෙක් මියයයි

රුමේනියාවේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.


රුමේනියාවේ ඊසානදිග නගරයක් වන පියත්‍රා නියම්ට් හි පිහිටි රජයේ රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ මෙම ගින්න හටගෙන තිබේ.

රෝගීන් බේරා ගැනීමට උත්සාහ කළ එක් වෛද්‍යවරයකු බරපතල පිළිස්සුම් තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවද පැවසේ.

විදුලි පරිපථයක ඇතිවූ දෝශයක් හෙතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර රෝගීන්ගේ ශ්වසන පහසුව සඳහා ලබාදී ඇති ඔක්සිජන් හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බව එරට බලධාරීන් වාර්තා කරයි.

කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට රුමේනියාවේ කොවිඩ් රෝගීන් 350,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 8,813 කි.

(මූලාශ්‍රය - බීබීසී)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top