Nov 16, 2020

ඇමෙරිකාවේ Covid-19 ආසාදිතයන් මිලියන 11 පන්නයි

දරුණු ලෙස ඇමෙරිකාවේ පැතිර යන Covid-19 වසංගතය මැඩලීමට මිචිගන් සහ වොෂිංටන් ප්‍රාන්ත දැඩි පියවර ගෙන තිබේ.

මිචිගන් ප්‍රාන්තයේ හෙට සිට උසස් පාසැල් සහ විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් නවතා දැමීමට නියමිත අතර, අවන්හල් තුළ ආහාරගැනීම තහනම් වනු ඇත.

අවන්හල් තුළ ආහාරගැනීම වොෂිංටන් ප්‍රාන්තයේද තහනම් වන අතර, එහි සියලු කායවර්ධනාගාර, සිනමාහල්, නාට්‍යාගාර හා කෞතුකාගාර වසා දැමෙනු ඇත.

ඇමෙරිකාවේ මේ වන විට ආසාදිතයන් ගණන මිලියන 11 පන්නා ඇති අතර, රෝහල්ගතවීම් වාර්තාගත මට්ටමක පවතී.

සාමාන්‍යයෙන් එරට දිනකට Covid-19 මරණ 1,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර, මේ වන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 250,000 කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top