Dec 17, 2020

චන්ද්‍ර සාම්පල් එක්ක Chang'e-5 යළිත් පෘථිවියට

චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ හා පස් සාම්පල සහිතව චීනයේ Chang'e-5 යානයේ කැප්සූලය යළි පෘථිවියට ගොඩබස්සවා තිබේ.

සාම්පල රැගත් මෙම යානයේ කැප්සූලය චීනයේ වේලාවෙන් අද (17) පෙ.ව. 01.30ට එරට ඉන්ර් මොංගෝලියා ප්‍රාන්තයට ගොඩබැස තිබේ.

මේ අනුව, දශක ගණනාවකට පෙර එක්සත් ජනපදය හා සෝවියට් සමූහාණ්ඩුව අනුගමනය කරමින් චන්ද්‍ර සාම්පල ලබාගත් තුන්වන රට ලෙස චීනය ඉතිහාසගත වනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top