42 හැවිරිදි මැක්රොන් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ප්රංශ ජනාධිපති මන්දිරය සඳහන් කරයි.
කෙසේවෙතත් දුරස්ථව සිය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට ප්රංශ ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මේ අතර, බොහෝ විට ආශ්රිතයෙකු විය හැකි ප්රංශ අගමැතිවරයා ද මේ වන විට නිරෝධායනයට යොමුකර තිබේ. කෙසේවෙතත්, ජනපති ආර්යාව හට ද කොවිඩ්-19 වැළඳී ඇතැයි ද යන්න පිළිබඳව එම නිවේදනයේ සඳහන් කර නොමැත.
ප්රංශය තුළ කොවිඞ් ආසාදිතයන් සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ එරට තුළ රාත්රී කාලයේ ඇඳිරි නීතිය පැණවීමටද මෙම සතියේදී පියවර ගැණුන අතර, මේ වනවිට ප්රංශයෙන් කොවිඞ් ආසාධිතයන් ලක්ෂ 20 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මරණ ගණන 59 400 ඉක්මවා ගොස් ඇත.