මොඩනා නැමති සමාගම විසින් නිෂ්පාදනය කරන මෙම එන්නත රට පුරා බෙදා හැරීමට එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරිය විසින් අවසර ලබා දී තිබේ.
මොඩනා එන්නත ඇමරිකාව තුල භාවිතයට අවසර හිමිවූ දෙවන එන්නත වන අතර මීට සතියකට පෙර ෆයිස සහ බ්යෝඑන්ටෙක් යන සමාගම් එක්ව නිෂපාදනය කල එන්නතටද අවසර හිමිවිය.
මොඩනා එන්නත ආරක්ෂිත බවත් 94% ක් ඵලදායී බවත් නියාමකයින් මෙම සතිය මුලදී වාර්තා කර තිබුණි. ඒ අනුව මොඩනා එන්නත් මිලියන 200 ක් මිලදී ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟ වී ඇත.
ලොව වැඩිම කොවිඩ්-19 මරණ හා රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, එරටින් මරණ 313,500 කට වැඩි ප්‍රමාණයක් සහ ආසාදන මිලියන 17.5 ක් පමණ වාර්තා වී තිබේ.
මූලාශ්‍රය - බීබීසී