මෙතෙක් මෙම වෛරසය වාර්තා නොවූ එකම මහද්වීපය වූයේ ඇන්ටාර්ක්ටිකාවයි.
ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ පිහිටා ඇති Bernardo O’Higgins පර්යේෂණ මධ්‍යස්ථානයෙන් මෙලෙස Covid-19 වෛරසය හමුවී ඇත.
චිලී රාජ්‍යයේ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම Bernardo O’Higgins මධ්‍යස්ථානයේ සිටි හමුදා සාමාජිකයන් 26 දෙනෙකු හා සිවිල් කොන්ත්‍රාත්කරුවන් දසදෙනෙකුට මෙම රෝගය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම මධ්‍යස්ථානය තුළ තත්ත්වය දිගටම නිරීක්ෂණය කරමින් සිටින බව චිලී බලධාරීන් පවසා ඇත.