බ්‍රිතාන්‍යයෙන් එම රටවලට ගමන් කළ පුද්ගලයන්ට සම්බන්ධ රෝගීන් ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය හා ප්‍රංශය යව යුරෝපා රටවලින් හමුවී ඇත.
මීට අමතරව, එවැනි පුද්ගලයන් හා කිසිඳු සබඳතාවයක් නොතිබුණු හා කිසිඳු සංචාරකයන නිරත ව නොමැති කැනේඩියානු යුවළකටද මෙම නව ප්‍රභේදය වැළඳී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර, පසුගිය දිනවල ලන්ඩනයේ සිට ජපානය වෙත ගමන් කළ පුද්ගලයන් පසුදෙනෙකු හට මෙම ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සොයාගැනීමත් සමග ජපානය විසින් නව සංචාරක සම්බාධක පනවා තිබේ. ඒ අනුව, හෙට සිට මසක කාලයක් පුරාවට ජපන් පුරවැසියන් නොවන පුද්ගලයන් හට එරටට යාම තහනම් වනු ඇත.
පසුගිය සතියේදී බ්‍රිතාන්‍යය අතර සංචරණ සීමා පැණවීමට රටවල් රැසක් කටයුතු කර තිබුණි.
මේ අතර, Covid-19 නව ප්‍රභේදය හමුවේ සිය වැසියන් හට එන්නත් ලබාදීම ඉක්මන් කිරීමට යුරෝපා රටවල් රැසක් තීරණය කර ඇත.