Dec 28, 2020

නෑෂ්විල් බෝම්බය : සැකකරු නම් කරයි

නත්තල් දිනයේදී ඇමෙරිකාවේ නෑෂ්විල් හි සිදුවූ බෝම්බ පිපිරීමට සම්බන්ධ යැයි පැවසෙන සැකකරුවෙකු ගේ විස්තර එරට පොලිසිය විසින් හෙළිදරව් කර ඇත.

බෝම්බය පුපුරා ගිය ස්ථානයෙන් හමුවූ DNA සාම්පල 63 හැවිරිදි පුද්ගලයෙකු වන ඇන්තනි ක්වින් වෝනර් නැමැත්තෙකුගේ DNA වලට සමාන වන බව ටෙනසී ප්‍රාන්තයේ බලධාරීන් පවසයි.

තවත් සැකකරුවන් ඇති බවට මේ දක්වා හෝඩුවාවක් හමුනොවූ බවත්, මෙම බෝම්බ පිපිරීමේ අරමුණ කුමක්දැයි යන්න නිශ්චිත වශයෙන් තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් FBI ආයතනය සඳහන් කරයි.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී ෆෙඩරල් පරීක්ෂකයන් පවසා තිබුණේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවූ වෝනර් හට ඉලෙක්ට්‍රොනික් විෂය සම්බන්ධවද හසල දැනුමක් තිබුණු බවයි.

මෙම ප්‍රහාරය සිතාමතා සිදුකළ එකක් බවත්, වෝනර් ගේ මළසිරුරේ කොටස් සිද්ධිය සිදුවූ ස්ථානයෙන් සොයාගත් බවත් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top