Dec 29, 2020

චීන කොවිඩ් එන්නත රටවල් රැසකට!

චීනය විසින් නිශ්පාදනය කරන ලද කොරෝනාවෛරස් එන්නත් ලොවපුරා රටවල් කිහිපයක් විසින්ම පිළිගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට Sinovac එන්නත් මාත්‍රා මිලියන 50ක් මිලදී ගැනීමට එරට රජය ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුව මාත්‍රා මිලියන තුනක් සහිත පළමු තොගය ඊයේ දිනයේ තුර්කියට ළඟාවීමට නියමිත ව තිබුණි.

මෙම එන්නතේ සාර්ථකත්වය 91.25%ක් බවත් පරීක්ෂණ වලින් එහි ප්‍රධාන අතුරු ආබාධ නොපෙන්වූ බවත්, තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර, බහරේනය හා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයද මෙම එන්නත මිලදීගැනීමට කටයුතු යොදා ඇත.

චීන එන්නත් සහිත පළමු තොගය පසුගිය 13දා ඊජිප්තුවටද ළඟා වී තිබේ.

සිය ජනතාව සඳහා තවදුරටත් එන්නත් ලබාගැනීමට මැලේසියානු රජය හා චීන නිෂ්පාදකයන් වන Sinovac හා CanSino අතර පවතින සාකච්ඡා ද අවසන් අදියරේ පවතින බව පැවසේ.

තවද, බ්‍රසීලය විසින් පසුගියදා නිවේදනය කර තිබුණේ පරීක්ෂණ මට්ටම් වලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්නය කර ඇති සාර්ථකත්ව මට්ටම් කරා පැමිණීමට චීනයේ Sinovac විසින් නිපදවූ CoronaVac එන්නත සමත් වූ බවයි.

(මූලාශ්‍රය : ෂින්හුවා)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top