Jan 01, 2021

ෆයිසර් කොරෝනා එන්නත භාවිතයට WHO අනුමැතිය Featured

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ෆයිසර් බයෝ එන් ටෙක් එන්නත හදිසි භාවිතයට අනුමැතිය දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරන අතර එමෙන්ම යුනිසෙෆ් සංවිධානය හරහා දිළිඳු රටවලට මෙම එන්නත ලබාදීමටද ප්‍රතිපාදන ලබාදීම ද විශේෂත්වයකි. 

කොරෝනා වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය වේ.

මේ අනුව දැනටමත් එන්නතක් ඇණවුම් කර නොමැති රටවලට සැකයකින් තොරව ෆයිසර් එන්නත මිලදී ගැනීමට අවස්ථාව උදාවවන අතර මේ වනවිට ෆයිසර් එන්නත අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, කටාර් , බහරේනය සහ මෙක්සිකෝව යන මෙම එන්නත භාවිතා කරන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top