මෙම සිද්ධිය සිදුව ඇත්තේ Via Cavour ප්‍රදේශයේ Termini දුම්රිය ස්ථානය අවටදීය.
මීට හේතුව නිශ්චිත වශයෙන් සොයාගෙන නැති නමුත්, නව වසර උදාවත් සමඟ පැවැති ගිනිකෙළි සංදර්ශන හේතුවෙන් බියට පත්ව මෙම පක්ෂීන් මිය යන්න ඇති බව පැවසේ.
රෝමයේ පුරවැසියන්, සතුන් සහ රෝමයේ පුරාවිද්‍යාත්මක උරුමය සුරක්ෂිතව තබා ගැනීමේ අරමුණෙන් බලධාරීන් විසින් දෙසැම්බර් 31දාට බලපැවැත්වෙන ගිනිකෙළි තහනමක් ප්‍රකාශයට පත් කර තිබුණද එය බොහෝ දුරට නොසලකා හැරුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
(වීඩියෝ : බීබීසී)