මෙලෙස ලොක්ඩවුන් කර ඇත්තේ මිලියන 11ක ජනකායක් සිටින චීනයේ හර්බෙයි පළාතේ ෂීජියාජුවාන් නගරයයි.
ෂීජියාජුවාන් නගරයේ පදිංචිකරුවන්ට නගරයෙන් පිටවීම තහනම් කර ඇති අතර පාසැල් ද වසා දමා ඇත.
සෑම පදිංචිකරුවෙකුම පරීක්ෂා කළ හැකි වන පරිදි පරීක්ෂණ ස්ථාන 5,000 කට වැඩි ප්රමාණයක් පිහිටුවීමට පළාත් බලධාරීන් කටයුතු කර ඇත.
මෙය පස්මසකට වැඩි කාලයක් තුළදී චීනයෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්රමාණයයි.
සාපේක්ෂව කුඩා යැයි පෙනුනත්, නව පොකුරු බිහිවීමේ හැකියාවක් දුටු සැනින් දැඩි පියවර ගැනීම හේතුවෙන් එවැනි අවස්ථා පාලනය කරගැනීමට චීනය සමත්වී තිබේ.
බ්රහස්පතින්දා දිනයේදී ලොක්ඩවුන් කිරීම වාර්තා වන්නේ චීන නව වසරේ උදාවට සති කිහිපයක් පමණක් තිබියදීය. චීනයේ දැවැන්තම උත්සවයක් වන මෙම උත්සවය සිය පවුලේ සාමාජිකයන් සමග සැමරීමට නගරවල සිටින චීන වැසියන් මිලියන ගණනක් සිය ගම්දනව් බලා යයි.